සුවද හමන අවුරුදු ....
බක් මහ අසිරිය මැවූහෙල අවුරුදු යලි සිහිකර
මතකය එයි නිරතුරු
කැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....
කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....
දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....
රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....
වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....
උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......
ආයෙත් ඒවිද අපහට කවදාවත් ......
වටයක් කැරකී හිරුවට ලොකු රවුමක්....
ලබනා දවසට සරුවෙයි හැම නිවසක් ......
පවුලේ හැමදෙන එක්වෙන එක මොහොතක් ......
ආයෙත් ඒවිද ඒ වගෙ අවුරුද්දක් ........
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක්........
අනුරුද්ධ වැලිගමගේ
2022 අප්‍රේල් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteලියෝනි ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ......
Delete🎶 පංකාදු කවිය...
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා අනුරුද්ධ.... ඔයාටත් 🙏
නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ......
Deleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඅහස් යාත්‍රිකයා ඔබේ ප්‍රතිචාරයට සහ ගොඩවැදුනාට බොහොම ස්තුතියි ......
Deleteඑසේම වේවා!
ReplyDeleteඅපිට නං ඊස්ටර්. බනී තාම එළියට ආවෙ නෑ.
ප්‍රතිචාර පමා වුණාට සමාවන්න.ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete+++++++++++🙏👌
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
Delete