මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 9, 2023

සිතුවම් තුලින් හිත නිවමු.

 


සන්නිවේදනයට යොදා ගන්නා අපූරු මාධ්‍යයක් ලෙස අතීතයේ ගල් ගුහා ආශ්‍රිත චිත්‍ර වල සිට අද දක්වා නොයෙක් ආකාරයේ චිත්‍ර හඳුනාගන්න පුළුවන්. චිත්‍රය අපූරු සන්නිවේදන මාධ්‍යක් වෙන්නෙ හේතු කාරණා රැසක් හින්දයි. සේයාරුවකට වඩා එහා ගිය යමක් චිත්‍රයට ඇතුළු කරන්නට චිත්‍ර ශිල්පියාට පුළුවන්. පරිමාණයෙන් වෙනස් ශරීර අංග වල ඉදන් සැබෑ ලෝකයේ නැති අංග මුසු කරමින් ඇදෙන මිනිස් සහ සත්ව  රූප වල ඉදන් අපායේ සහ දිව්‍ය ලෝකය කියා අප අසා කියවා තිබෙන බොහෝ දේ පරිකල්පනය කරන්නට පුළුවන් වීම ඉන් එකක්. චිත්‍ර ගැන සාමාන්‍ය පෙලට විතරක් ඉගෙන ගත්ත මම ඒ ගැන වැඩිය ලියන්න යන්නෙ නැහැ. හැබැයි අන්තර්ජාලයේ පිහිටෙන් සහ මගේ සංචාර හින්ද විශාල චිත්‍ර ගොන්නකින් මගේ ඇහැ පිනවන්න මට ඉඩ ලැබිල තියෙනවා.

 කෝවිඩ් වසංගත සමයේ කැනඩාවේ අප සමග වෙසෙන නිර්මාණ කරුවෙක් සහ නිර්මාණ කාරිනියකගේ චිත්‍ර නිර්මාණ ගැන රූපණ අන්තර්ජාල රූපවාහිනියෙන්  අප වැඩසටහන් 2 ක් ඉදිරිපත් කලා. මේ සටහන ලියන්න හිතුවේ ඒ ගැනයි.  



දිය සායම් චිත්‍ර  තුලින්  හිත නිවමු.

සුනිල් තන්තිරිගේ 

දියසායම් තුළින් රූ රටා මවන කලාකරුවෙක් පිළිබඳ මේ කතිකාවත කරන  ඔහු රූපණ තුලින් මින් පෙර  ග්‍රන්ථ රචකයෙකු ලෙස හදුනාගත් , ඩිජිටල් අවකාශය හරහා තම පළමු පොතට විශාල ජනප්‍රියතාවක් ලබා ගැනීමට දක්ෂයෙක් වූ කෙනෙක් . වෘත්තියෙන්  න්‍යෂ්ටික න්‍යෂ්ටික විදුලි බලාගාර  ඉංජිනේරු උපදේශකයෙකු වන ඔහු කලාකාමී පවුල් පසුබිමක් හිමි දක්ෂ නිර්මාණකරුවෙක්.

 ඔහුගේ සිතුවම් රැසක් වගේම ඔහු සජීවීව සිතුවමක් අදින හැටිත් ඔබට මේ තුලින් බලන්න පුළුවන්.  



https://rupane.com/2021/11/06/rupane-episode-268-november-06-2021/

***********************************************

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය - සුනිල් තන්තිරිගේ 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

******************************************************************************


පාට පිරුණු සිත්තම් රෑනක් 

යමුනා උඩුගම 

කුඩා කාලයේ පටන් චිත්‍ර ඇදීමේ නිරතවුණු යමුනා මේ වන විට රාජකාරි කරන්නේ හෙද නිලධාරිනියක් ලෙසයි.

විවේකයට, කාන්සියට චිත්‍ර අදින ඇය අප හදුනා ගත්තේ මුහුණු පොතේ විටින් විට ඇය ගොනුකරන චිත්‍ර තුලින්.


https://rupane.com/2020/07/25/rupane-episode-202-july-25-2020-2/



***********************************************

ඉදිරිපත් කිරීම - සම්පත් පෙත්තාවඩු  

සම්පත් දායකත්වය - යමුනා උඩුගම 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය සහ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

***************************************************************************** 

චිත්‍ර 

යමුනා උඩුගම සහ සුනිල් තන්තිරිගේ නිර්මාණ ශිල්පීන්ගේ මුහුණු පොත්වලින් 


 
සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.

6 comments: