මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 30, 2024

මලිබු වෙරළ අද්දරදී ග්‍රීක රෝම ප්‍රතිමා අතර ගෙවුණු පැය කිහිපයක්……





මම ගූගල් සිතියම උපදෙස් දෙන විදිහට කැලිපෝනියාවේ එක  අධිවේගී පාරකින් වාහනේ හරවලා තවත් පාරවල් කීපයක් දිගේ ගිහින් පැසිෆික් සාගරය මායිමින් යන අධිවේගී මාර්ගයට හැරෙව්වා  ඒ කාලේ අපි හරි උනන්දුවෙන් බැලූ ඇමරිකන් මාලා නාටක චිත්‍රපට වලට පාදක වුණු මලීබූ වෙරළ  තීරය අයිනෙන් යන ඒ පාර දිගේ ගිහින් නැවතුනේ අපූරු බිම් කඩක. වාහනේ රථ ගාලේ නවත්තල උඩට ගියාම පැසිෆික් සාගරය ලස්සනට පේනවා.




1954 අවුරුද්දේ ඛණිජ තෙල් ව්‍යාපාරවලින් ධනවතෙකු වූ පෝල් ජේ ගෙටී  Pacific Pallisades වල තමන්ගේ ගෙදර පරිශ්‍රයේ කොනක තමන් එකතු කල  කලාකෘති තියන්න පොඩියට කලාගාරයක් පටන් ගත්තා. 1970 මුල වෙනකොට තමන්ගේ ව්‍යාපාර කටයුතුවලින් විවේකයක් ගත්ත ගෙටී  ඒවා තියන්න කලාගාරයක් හදන්න කියලා බාර කළේ රොබට් ඊ ලැන්ඩන් ( Robert E Langdon ) සහ අර්නස්ට් සී විල්සන් ( Earnest C Wilson ) කියන ගෘහනිර්මාණ ශිල්පීන් දෙන්නටයි. නෝමන් නෙවර්බර්ග් ( Norman Neverburg)  කියන පුරාවිද්‍යාඥයා  එක්ක ඔවුන්ට මේ වැඩේ කරන්න කියලා  කිව්වේ පැරණි  රෝම නගරයක් වුණු Herculaneum වල Villa of the Papyri. වලින් ගෙටී ට ලැබිලා තිබුණු පෙළඹවීම හින්දයි. 




Norman Neverburg Paul J Getty


ගෙටී ගැන වැඩි විස්තර මගේ කලින් ලිපියෙන් බලන්න


https://ahasgawwenehalokaya.blogspot.com/2024/10/blog-post.html



Getty Villa Design


ධනවතුන්ගේ බංගලා තියෙන ප්‍රදේශයක තිබෙන මේ පරිශ්‍රය බලන්නට මුදලක් අය කරන්නේ නැහැ . හැබැයි පිරිස් පාලනය කරන අරමුණින් අන්තර්ජාලයෙන් කලින් වෙන් කරවා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වාහන නැවතුමට ඩොල විසි පහක් ගෙවන්න වෙනවා මම කලින් ලිපියේ ලියූ විදිහට එදාම ගෙටී සෙන්ටර් එක බලපු කෙනෙකුට ආයෙමත් වාහන නැවතුමට මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ.




මම තවම ග්‍රීසියට ගිහින් නැහැ, රෝමයට නම් ගිහින් තියෙනවා.Getty Villa . හදලා තියෙන්නේ ග්‍රීක සහ රෝම ගෘහනිර්මාණ ශිල්ප වල එකතුවකින් බවයි කියන්නේ. 1974 දි Getty Villa  මහජන ප්‍රදර්ශනයට විවෘත වුණත් වයස්ගත ගෙටී එංගලන්තයේ ජීවත් වනු හින්ද ජීවත්ව ඉන්නා විට මෙය බලන්නට මොහුට ඉඩ නොලැබුණු බව කියවෙනවා. 1976 දී  ඔහු මිය  ගියාට පස්සේ අන්තිම කැමැත්ත අනුව දේහය මිහිදන් කරලා තියෙන්නේ මේ පරිශ්‍රයේ කෙළවරකයි. ඔහුගේ බූදලයෙන් ලැබුණු අතිවිශාල මුදලින් ( ඒ කියන්නේ 1976 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 661 එකක්) මේ පරිශ්‍රය විශාල කරන්න යද්දී අසල්වැසි නිවැසියන්ගේ විරෝධතාවය හින්දා වෙනත් තැනක ඉදිකළ කලාකාරය තමයි ඔබ කලින් ලිපියෙන් දැක්ක ගෙටී සෙන්ටර්  කියලා කියන්නේ. හැබැයි ගෙටී  පදනම පසු කාලීනව 2006 අවුරුද්දෙදි මේ පරිශ්‍රය අදට ගැලපෙන විදිහට නවීකරණය කර තිබෙනවා.







Getty villa





අක්කර 64ක බිම් කඩක පැතිර තිබෙන ගෙටී විලා මධ්‍යස්ථානය තියෙන්නේ පැසිෆික්  සාගරයට පෙනෙන කුඩා කඳු මුදුනකයි. මේ පරිශ්‍රයේත්  වාහන නවත්තන්න තට්ටු හතරක වාහන අංගනයක් තිබෙනවා.  ගම්මානයක රෝම නිවසක සිරිය මවනා එහි විලා බිල්ඩින් එකෙන් පටන් අරගෙන ගල් යුගයේ ඉඳන් රෝම අධිරාජය අවසානය තෙක් ග්‍රීක රෝම චිත්‍ර සහ කැටයම්  බලන්නට ඔබට පළමු සහ දෙවන මහලේ තිබෙන කලාගාරවලට යන්නට පුළුවන්. කලින් කලට වෙනස් වන විවිධ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා වෙන්වුණු කලාගාර තිබෙන්නෙත් දෙවන මහලේ මයි.


මෑත කාලයේ ගෙටී විලා ගැන පොදු කතාබහක් ඇතිවුණේ 2022 දී ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ පරිශ්‍රයේදී දුන්  රෑ කෑම වේලක් හින්දයි. මෙහි තිබුණු සමහර කලා කෘති ගෙටී  නීති විරෝධී විදියට අත්පත් කරගෙන තිබූ බවට එල්ල වුනු  චෝදනා හින්දා 2006 දී ග්‍රීසියටත් 2007 දී ඉතාලි රජයටත් ගෙටී භාරය විසින් යම් යම් කලාකෘති නැවත භාරදී තිබෙනවා.



හාරසිය පනහක පිරිසකට අසුන් ගන්නට පිළිවන් ග්‍රීක විවෘත වේදිකාව නම් කර තිබෙන්නේ Barbara & Lawrence Fleischman. නමින් මේ පරිශ්‍රය ඇතුළේ 250 ක පිරිසකට අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක් ද තිබෙනවා. ගෙටී ගේ පෞද්ගලික නිවහන  සහ වෙනත් ගොඩනැගිලි මේ වන විට ගෙටී භාරයේ සහ මේ පරිශ්‍රයේ සේවා කටයුතු සඳහා භාවිතා වෙනවා මෙහි ඇති සුවිශේෂී මැද මිදුල  හරිම අපූරුයි. වතුර මල් , කැටයම් , ප්‍රතිමා සහිතව තිබෙනා එය ඔබ ලංකාවේදී දැක තිබෙන වලව් සිහිගන්වනවා.





උද්‍යාන




මේ  පරිශ්‍රයේ  උද්‍යාන හතරක් තිබෙනවා ඒවා මධ්‍යධරණී කලාපයේ පළතුරු , බෙහෙත් පැළෑටි සහ විවිධ ගස්වලින් සමන්විත වෙනවා. මෙහි  තිබෙන Mosaic Fountain. එක වගේම  Doryphorus,  Pythagoras, Democritaus ප්‍රතිමා සුවිශේෂී වැදගත්කමක් ගන්නවා.


 එකතුව




 මෙහි ඇති කලා කෘතිය එකතුව හතලිස් හතර දාහකට ( 44,000) අධික බවයි කියවෙන්නේ. ක්‍රිස්තු පූර්ව හයදාස් පන්සීයේ සිට ක්‍රිස්තු වර්ෂ 40 යන කාලසීමාවක නිර්මාණ එක්දහස් 1400කට වැඩි ගණනක් ඔබට මෙහිදී බලන්නට පුළුවන්. දවසින් නිර්මාණ සංරක්ෂණය කරමින් ඔබට බලන්නට පුළුවන් ප්‍රමාණය වැඩි කරන්නට මෙහි කාර්ය මණ්ඩලය වෙහෙස වෙනවා.


බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දවස්වල ඔබ යනවා නම් ඒ දවස් වලට තියෙන ගාඩ් ටී පාටි එකකට ඔබට මුදල් ගෙවා කලින් වෙන් කරවා ගැනීමක් කරන්නත් පුළුවන්. 


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.

No comments:

Post a Comment