Scholarly work by Sri Lankan Canadians
කැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ විවිධ අධ්‍යාපන, රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතන වල රාජකාරි කරමින් ලෝකයට වැඩදායී මෙහෙවරක් කරන ශ්‍රී ලාංකික පිරිස් කැනඩාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා.
අද රූපණ පොත් පිටු අතරින් අපි කතා කරන්න යන්නේ මේ වනවිට කැනඩාවේ ජීවත්වන ලංකාවෙන් බිහිවූ මිණිකැට කිහිපයක් ලියූ පර්යේෂණ පත්‍රිකා එකතුවක් ගැන. මේ පොත මුද්‍රණය කර තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් හින්ද අද වැඩසටහනේදී අපි ඉංග්‍රීසියෙන් ඒ කියැවීම් කරනවා.
ශ්‍රී ලංකාවේ වගේම කැනඩාවේත් රජයේ උසස් තනතුරු රැසක් දැරූ සමාජ විද්‍යා මහාචාර්යවරයෙක් අද අපේ සම්පත් දායකයා විදිහට සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂක , කැනඩාවේ එඩ්වඩ් කුමාර දූපතේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එතුමා සක්‍රීය සේවයෙන් විශ්‍රාම ලබා සිටියත් මේ වනවිටත් මැක්මාස්ටර් සහ ටොරොන්ටෝ විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් කටයුතු කරනවා. ශ්‍රී ලන්කැන් විද්‍යුත් පුවත්පතේ ඉංග්‍රීසි පිටුව සංස්කරණය වගේම යාත්‍රා පුවත්පත වෙනුවෙන් විවිධ ලිපි ලියන ඔහු ආචාර්ය සරත් චන්ද්‍රසේකර
2024 නොවැම්බර් 17 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය
තුලින් වෙබ් ගත වූවකි
https://rupane.com/2024/11/16/rupane-episode-426-november-16-2024/
****************************************************************
සම්පත් දායකත්වය - මහාචාර්ය සරත් චන්ද්‍රසේකර
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග
සංස්කරණය - රවිදු කන්නන්ගර සහ පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
රූපණ මැදිරියේ කෙරුණු පටිගත කිරීමකි.
***************************************************************
හදුන්වා දෙන ගීතය
තොල් පෙති පුපුරන ......
ගේය පද - ආචාර්ය සරත් චන්ද්‍රසේකර
සංගීතය - ආනන්ද වෛද්‍යසේකර
ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා
No comments:
Post a Comment