ඇත්තටම මග හැරුනා
ඔබ එතැයි මම හිතුවා
කුවේණිය මඟ හැරුනා
හදවතින් දුක් වින්දා
ඒ රාග ගිනි මල් යහනේ
නැගුණු ගිනි නැහැ නිවුනේ
තනේගල නැත හැඩුවේ
ඒ අයයි බොරු කිව්වේ
මැරෙනතුරු මම හෙව්වේ
උන් තමයි නෑවිදින් හිටියේ
දරු දෙදෙන නැහැ හිටියේ
මගෙ හිතේ උන් විතරමයි හිටියේ
අනුරුද්ධ වැලිගමගේ ©

2026 ජූලි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



අනුරුද්ධ , මට නම් මෙහි වටිනාම දේ විජයගේ පසුතැවීම නොවෙයි. ඔහුගේම වචන තුළින් ඔහුගේ වගකීමෙන් පලායෑම හෙළිවීමයි. ඔබ. එය හිතාමතා කළා නම්, මේක සරල ආදර විරහ කවියකට වඩා ගැඹුරු චරිත විවරණයක්.
ReplyDeleteකවියේ විජය කියන්නේ කුවේණිය මඟහැරුණු බවයි. දරුවන් තමන් සොයා නොපැමිණි බවයි. ඒ කියන්නේ තමන් විසින් අත්හැර දැමූ අය තමන්ට මඟහැරුණු අය බවට පත්කරනවා. මෙතැන තමයි මට කවියේ තියෙන ලස්සනම උත්ප්රාසය දැනෙන්නේ.
විශේෂයෙන්ම "උන් තමයි නෑවිදින් හිටියේ" කියන පදය හරිම ප්‍රබලයි. පියකු විසින් අත්හැර දැමූ දරුවන්, පියා සොයා නොපැමිණීම ගැන පියාම චෝදනා කරනවා. ඒකෙන් විජයගේ චරිතයට අලුත් මනෝවිද්‍යාත්මක මානයක් එකතු වෙනවා.
ඒ නිසා "විජයගේ පාපොච්චාරණය" කියන මාතෘකාවත් හරිම අපූරුයි. පාපොච්චාරණයක් කියන්නේ තමන් කළ වරද පිළිගැනීමක් වුණත් මෙතැන විජය කරන්නේ තමන්ගේ වරද සාධාරණීකරණය කිරීමක් වගේ. තමන්ගේ ක්‍රියාවලට වගකීම භාර නොගෙන, තමන්ම අසාධාරණයට ලක්වූ පුද්ගලයා බවට පත්වෙනවා.
මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . අපට ඉතිහාසය උගන්වා තිබෙන්නේ දේශපාලනිකව රජ පෙලපත් ගැන කතා කරමින් . බලය කියන කාරණයේදී මනුස්සකම් සහ හැගීම් දැනීම් වෙනුවට පෙලපත් වැදගත් වෙනවා . මා අසා ඇති හැටියට ඉන්දියානු කුල කුමරියන් ගෙනාවාට විජයට පුතෙකු හදන්නට බැරිවුනා. සාමාන්‍ය පවුලක අද තත්වය වෙනස් වුනත් එදා ඊළග උරුමය කියන කාරනය ගමන් කරන්නේ කුල පුතු මතයි. ඔය ගැටළුවම කුවේණිට බලපෑවේ තම පරම්පරාවම ඇය සහ දරුවන් මැරීමෙන් කියලයි කියන්නෙ . මම හිතුවෙ එහෙම නම් ජීවත් වුනත් විජය පසුතැවෙන්න ඇති කියල.
Delete+++++++++++++++++👌
ReplyDeleteබසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
Deleteලස්සන පද පේලියක් අනුරුද්ධ. තම දරුවන් සහ බිරිඳ අහිමිවීමේ දුකෙන් වැලපෙන පියෙකුගේ හා සැමියෙකු ගේ ශෝකය.
ReplyDeleteලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
Deleteඑක හරිම ලස්සනයි
ReplyDeleteඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
Deleteවිජයට කුවේණිය සේ ම
ReplyDeleteමටත් ඔබෙ ලිපි මග ඇරුණා
කෙටියි ඒත් සංවේදියි
හදට පිහියක් සෙයින් ඇනුණා
ලස්සන කවි පද දෙකකින් මඟ හැරුණු බවක් කිව්ව
Deleteඩ්රැකී හරිම බිසී වාගෙයි පාළුයි බ්ලොග් පව්ව
ආයේ ලියමු පෙර වාගේම කතා සරිත් ගොන්න
ගොඩ වුණාට ස්තූතියි අයෙත් එන්න එන්න
අපූරුයි
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
Delete