Rich House Poor House
Channel 5 නාලිකාවේ විකාශය වන මේ වැඩසටහන සතියක් පුරා ආර්ථික මට්ටමින්
ඉහල පවුලක් සහ ආර්ථික මට්ටමෙන් අඩු පවුලක් තමන්ගේ නිවාස මාරු කර ගනිමින්
ජීවත්වන වෙනස්ම තේමාවක වැඩසටහනක්.
සතියක් වෙනුවෙන් ආර්ථික මට්ටම ඉහළ පවුල තමන්ගේ වියදමත් ,ආර්ථික මට්ටමෙන් පහළ පවුල තමන්ගේ වියදමත් නිවෙසේ තබා යනවා. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ දින චර්යාව සහ සතියේ
කටයුතු ලියා තබනවා. අනෙක් පවුලට සිදුවන්නේ ඒ අනුව සතිය ගතකරන්නයි. ඒවගේම
ඔවුන්ගේ හිතවතුන් සහ නෑදෑයන් හමුවී කතා කරන්නටත් ආර්ථික මට්ටම අඩු පවුලට තම
ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට උපදෙස් සහ ආධාර ලබා දීමත් අවසාන දවසේදී
ඔවුනොවුන් අතරමැද තැනකදී හමුවී කතා කරගන්නවා. හොඳ ජීවිත අවබෝධයක් සහ
මුදල්වල අගය ගැන වටහාගෙන අපූරු තේමාවක් මේ වැඩසටහන් මාලාව තුල තිබෙනවා.
2017 දී පටන් ගත් මේ වැඩසටහන් මාලාව මේ වනවිට අදියර 7 ක් යටතේ වැඩසටහන් 37 ක් විකාශ වී තිබෙන බවයි වාර්තා කියන්නේ. අතරින් පතර ඉන් කිහිපයක් බලන්නට මට ඉඩ ලැබුණා.මේ දිගුව ඔබට වැඩි විස්තර වෙනුවෙන් උදව් වේවි .
https://www.imdb.com/title/tt6713768/episodes/?year=2017&ref_=ttep
Naked Alone and Racing to get home
channel 4 නාලිකාවේ විකාශය වූ මෙය වෙනස්ම ගවේෂණාත්මක වැඩසටහනක්.
මේ එක් වැඩසටහනක් සඳහා කණ්ඩායම් දෙකක් සහභාගි වෙනවා. කණ්ඩායම පිරිමියෙක් සහ ගැහැනියක් හෝ පිරිමි දෙදෙනෙකුගෙන් සමන්විත වෙනවා. ස්කොට්ලන්තයේ වනගත ප්‍රදේශයක කුඩා අතින් ඇදී සිතියම භාවිතයෙන් තමන්ම තනා ගත් සැලසුමක් අනුව දින තුනක් ගත කරමින් ගමනාන්තයට යෑමයි ඔවුන් කළ යුත්තේ.ගංගා, වනගත ප්‍රදේශ තරණය කරමින් ගමන් ගන්නා ඔවුන්ට පරිසරයේ තිබෙන දෑ භාවිතා කරමින් තනාගත් රැකවරණ දෙකක රාත්‍රීන් දෙකක් ගත කළ යුතු වෙනවා.
මෙහි විශේෂය වන්නේ සපත්තු සහ ඔවුන්ගේ ආභරණ හැර නිරුවතින් ඔවුන්ට මේ සියලු දේ කරන්නට වෙන එකයි .කෑම බීම සපයා ගනිමින් ලබාදුන් මූලික උපකරණ පමණක් මේ ගමනේදී භාවිතා කරන්නට සිදුවෙනවා. ඒ අතරතුරදීම ඔවුනට ලබාගත හැකි යම් යම් දේ තිබෙනවා. ඒවා අතර තවත් ආම්පන්න , අමු මස් වැනි දෑ තිබෙනවා . ඒවා හිමිවන්නේ පළමුවෙන්ම එතැනට යන දෙදෙනාටයි. මේ අතර මේ ගමන නිරීක්ෂණය කරමින් උදව් කරන්නට වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා.
2023 වසරෙදි විකාශය වුනු මෙය අදියර එකක් යටතේ වැඩසටහන් 6 ක් පමණක් නිෂ්පාදනය වූ එකක් .
මේ දිගුව ඔබට වැඩි විස්තර වෙනුවෙන් උදව් වේවි .
https://www.imdb.com/title/tt27597165/episodes/?season=1&ref_=tt_eps_sn_1
The Hotel inspector
Channel 5 නාලිකාවේ විකාශය වන මෙය ජනප්‍රිය හෝටල්කාරිනියක සේම ව්‍යාපාරික
කාන්තාවක් වන Alex Polizzi ගැටළු සහගතව ක්‍රියාත්මක වන කුඩා බ්‍රිතාන්‍ය හෝටල්
සහ සංචාරක ව්‍යාපාර වලට උපදෙස් සහ යෝජනා ඉදිරිමත් කරමින් ඒවා යලි ලාභ ලබන
තත්ත්වයට ගෙන එන වැඩසටහනක්.
2005 දී පටන්ගත් මේ වැඩසටහන මේ වනවිට අදියර 20 ක් යටතේ වැඩසටහන් 168 ක් ඉදිරිපත් කර ඇති විශාල ව්‍යාපෘතියක්.
2006 වසරේ දී රාජකීය රූපවාහිනි සංගමයේ ද ඇගයීමට ලක් වූ මෙය මහත් සමාජ මෙහෙවරක් ලෙස දකින්නට පුළුවන්.
කාලය පිළිබඳ ගැටළු නිසා මට එයින් බලන්නට ඉඩ ලැබී ඇත්තේ වැඩසටහන් දහයක් තරම් ප්‍රමාණයක් පමණයි. එහෙත් ඇලෙක්ස් සහ ඇගේ කණ්ඩායම ලබාදෙන උපදෙස් සහ ක්‍රමෝපාය ගනුදෙනුකරුවන් සුරක්ෂිත කර ගැනීම,අලුත් ගනුදෙනු කරුවන් අද්දවා ගැනීම සහ ලාභදායි ලෙස හෝටල් පරිශ්‍රයක් පවත්වාගෙන යන්නට මහත් රුකුලක් වන බව කිව හැකියි.
මේ දිගුව ඔබට වැඩි විස්තර වෙනුවෙන් උදව් වේවි .
https://en.wikipedia.org/wiki/The_Hotel_Inspector
අනුරුද්ධ වැලිගමගේ
කැනඩාවේ කොරියන් පවුලක් ගැන කතවක් යනව . මතක නැහැ මම . කොමඩි එකක් .
ReplyDeleteමම හිතන්නෙ Kim's Convenience. අපේ නගරයෙත් Gas Station එකක් දවස් කීපයක් වහල පටිගත කිරීම් කලා.
Delete