මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 4, 2025

මගේ සිහිනයේ හිමිවේදෝ

 













වැල් පාලමෙන් ආවාදෝ 
සඳ සීතලේ තෙමුනාදෝ 
තරු මංසලේ හැඩුවාදෝ 
මගේ සිහිනයේ හිමිවේදෝ 

දේදුනු විලෙන් මතුවේදෝ 
හිම ගිරි මුදුනේ සැඟවීදෝ 
කෙත්වතු මැදින් ආවාදෝ 
සිරිකත මගේ ඔබ කොහිදෝ 

මීන නුවන් ඇතිවාදෝ 
රිය සක ඔබට පරදීදෝ 
දෙව්ලොව සුවේ ගෙන දේදෝ 
AI   ලියක් දැයි සැකදෝ 

අනුරුද්ධ වැලිගමගේ   


2025 ඔක්තෝබර්   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට





සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි. 

7 comments:

  1. +++++++++++++++++👌
    මුල්ම පිංතූරය හරිම කලාත්මකයි.✌️

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . බස්සන් ටත් පේන හැටි. ඒ රූපෙ වෙනස් තමයි.

      Delete
  2. වැල් පාලමෙන් ඇවිදින් සඳ සීතල වැස්සේ
    ඔබෙ සිහිනයට ගොඩ වුනි තරු මං ඔස්‌සේ
    දේදුනු විලෙන් නා හිමගිර කිනි බැස්සේ
    කෙත් වතු දිගේ ආවා ඔබ පසු පස්සේ

    ReplyDelete
    Replies
    1. බාල්දු මහත්තයා ඔබේ ලස්සන කවි පිළිතුරට ස්තූතියි.

      Delete
  3. සැබෑවට ඔබ්බෙන් තිබෙන මායාමය සිහිනය!

    ReplyDelete
  4. හ්ම්ම් ... ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි. Litseeker අපි AI වලට කලබල නොවී එහි වැදගත් දේ උකහා ගත්තොත් තව තවත් පරිකල්පන ඉසව් වලට යන්න පුළුවන් වේවි .

    ReplyDelete
  5. AI වගේම අනිත් දේවලුත් මායාවක් තමා නේහ් ☺️ වෙලාවකට

    ReplyDelete