වැල් පාලමෙන් ආවාදෝ
සඳ සීතලේ තෙමුනාදෝ
තරු මංසලේ හැඩුවාදෝ
මගේ සිහිනයේ හිමිවේදෝ
දේදුනු විලෙන් මතුවේදෝ
හිම ගිරි මුදුනේ සැඟවීදෝ
කෙත්වතු මැදින් ආවාදෝ
සිරිකත මගේ ඔබ කොහිදෝ
මීන නුවන් ඇතිවාදෝ
රිය සක ඔබට පරදීදෝ
දෙව්ලොව සුවේ ගෙන දේදෝ
AI ලියක් දැයි සැකදෝ
අනුරුද්ධ වැලිගමගේ
2025 ඔක්තෝබර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
+++++++++++++++++👌
ReplyDeleteමුල්ම පිංතූරය හරිම කලාත්මකයි.✌️
බසු මහත්තයා ඔබේ ප්රතිචාරයට ස්තූතියි . බස්සන් ටත් පේන හැටි. ඒ රූපෙ වෙනස් තමයි.
Deleteවැල් පාලමෙන් ඇවිදින් සඳ සීතල වැස්සේ
ReplyDeleteඔබෙ සිහිනයට ගොඩ වුනි තරු මං ඔස්සේ
දේදුනු විලෙන් නා හිමගිර කිනි බැස්සේ
කෙත් වතු දිගේ ආවා ඔබ පසු පස්සේ
බාල්දු මහත්තයා ඔබේ ලස්සන කවි පිළිතුරට ස්තූතියි.
Deleteසැබෑවට ඔබ්බෙන් තිබෙන මායාමය සිහිනය!
ReplyDeleteහ්ම්ම් ... ඔබේ ප්රතිචාරයට බොහොමත්ම ස්තූතියි. Litseeker අපි AI වලට කලබල නොවී එහි වැදගත් දේ උකහා ගත්තොත් තව තවත් පරිකල්පන ඉසව් වලට යන්න පුළුවන් වේවි .
ReplyDeleteAI වගේම අනිත් දේවලුත් මායාවක් තමා නේහ් ☺️ වෙලාවකට
ReplyDelete