කැනඩාවේ කුඩාම පළාත වෙන්නෙ එඩ්වඩ් කුමාර දිවයිනයි . ප්‍රමාණය වර්ග කිලෝමීටර් 5660 යි . එඩ්වඩ් කුමාර දිවයිනට යන්න එන්න පුළුවන් විධි දෙකින් එකක් තමයි මේ Confederation Bridge එක. අපි අද හිතුවා එඩ්වඩ් කුමාර දිවයින ගැන කථා කරන්න කියලා. මීට කලින් රූපණ ගමනක මතකය තුලින් ශීත කාලයේ ඔන්ටාරියෝ විල ගැනත්, කැනඩාවේ රොකී කදු කලාපයේ යෝහෝ, ජෑස්පර් සහ බැන්ෆ් වනෝදයාන ගැනත්, සුපීරියර් , හියුරන් , ඊරි , ඔන්ටාරියෝ විල් ආශ්‍රිත සංචාරක ස්ථාන ගැන, ටොරොන්ටෝව අවට බජට් එකට හරියන මුදලකට බලන්න පුළුවන් තැන් වගේම නිව් බ්රුන්ස්වික් පළාත ගැනත් කථා කරලා තියෙනවා. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ වැඩසටහන් බලන්න පුළුවන්.
අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.
New Brunswick side Viewpoint - Cape Jourimain Nature centre
PEI side view point - St. Peter's Church (7 Mile Bay)
අර්තාපල් සහ එඩ්වඩ් කුමාර දිවයින අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එහි තිබෙන අර්තාපල් කෞතුකාගාරය ගැන කිව්වොත්
Confederation Centre of the Arts
Stompin' Tom Connors ගායකයා සහ ඔහුගේ Bud The Spud ගීය
Anne of Green Gables චිත්‍රපටයේ පසුබිම තියෙන්නෙ එඩ්වඩ් කුමාර දිවයිනේ . ඒ කතාවට පසුබිම් වුනු ගෙදර සහ වටපිටාව අද සංරක්ෂණය කර තිබෙනවා.
එඩ්වඩ් කුමාර දිවයින තුල තිබෙන වෙරළ තීර ගැන විස්තර
එඩ්වඩ් කුමාර දිවයිනේ වුඩ් අයිලන්ඩ් වල ඉදන් නෝවා ස්කොෂියා පළාතේ කැරිබු නගරයට වාහන ගෙනියන පාරුව.
2025 දෙසැම්බර් 13 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි
https://rupane.com/2025/12/13/rupane-episode-483-december-13-2025/
---------------------------------------------------------------------------------------
ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න
සම්පත් දායකත්වය -
අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
රූපණ මැදිරියේ කෙරුණු පටිගත කිරීමකි.
*********************************************

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.


_2.svg.png)






.jpg)

.jpg)












මම හිතන්නේ වෙන රටවලට යන්නේ නැතිව කැනඩාව වටේ උනත් අවුරුදු දෙකක විතර ගිය හැකි .
ReplyDelete