මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 30, 2025

කැනඩාවෙ දැව කර්මාන්තයේ විකාශනය බලන්නට අපූරුම තැන Algonquin Logging Museum

 



කැනඩාවේ දැව නිෂ්පාදනයේ  ප්‍රමුඛයෙන් වන්නේ බ්‍රිටිෂ් කොලම්බියාව සහ කුවිබෙක් පලාත්.  ඒත් 1808 දී නැපෝලියන් බොනපාට් බ්‍රිතාන්‍යය නාවික කර්මාන්තයට අවශ්‍ය දැව සැපයුම් මාර්ග අවහිර කිරීම නිසා පයින් දැව ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් යොමුවුණේ කැනඩාවේ  ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇල්ගොන්කුවීන්  ප්‍රදේශයටයි.




මිනිස්  ශ්‍රමයෙන් බිම හෙළුණු සුදු පයින් ගස් අශ්වයින් භාවිතයෙන් හිම දිගේ ඇදගෙන ගිහින් විවිධ ජල මාර්ග හරහා ශාන්ත ලෝරන්ස් ගඟ වෙත රැගෙන ඒම තමයි පළමු කාරණාව වුණේ.  ඊට පස්සෙ ඒවා යුරෝපයට යැවුනේ මොන්ට්‍රියල් වරායෙන් නැව්වලට පටවලයි.  පසුකාලීනව අශ්වයෙන් වෙනුවට විවිධ යන්ත්‍රෝපකරණ සහ ජල මාර්ග හරහා ප්‍රවාහනය වෙනුවට මොන්ට්‍රියල් වරාය දක්වාම දුම්රිය මගින් දැව ප්‍රවාහනය සිදුවුණා වගේම ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය දැව සැපයුම වුනේ දුම්රිය මගින් පංච මහා විල් ආශ්‍රිතව තිබුණු වරායන් වෙත දැව  ප්‍රවාහනය කිරීමෙන්.




1800 ගණන්වල පටන් මේ දක්වා දැව කර්මාන්තයේ විකාශනය බලන්නට පුළුවන් අපූරු තැනක් ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇල්ගොන්කුවීන්  පළාත් උද්‍යානය තුල තිබෙනවා. ඇල්ගොන්කුවීන්න්ක්‍ පළාත් උද්‍යානය ගැන මීට පෙර කතා කර තිබෙන නිසා යළිත් මෙහි ඒ ගැන සඳහන් කරන්නේ  නැහැ.


ඒ තොරතුරු සඳහා මේ දිගුව බලන්න


Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා


https://ahasgawwenehalokaya.blogspot.com/2023/10/fall-colours-algonquin-park.html




ඇල්ගොන්කුවීන් පළාත්  උද්‍යානයේ හයිවේ 60 දිගේ යනකොට කිලෝමීටර් පනස් හතරයි දශම පහ සටහන් වන  ස්ථානයේ වෙනස්ම කෞතුකාගාරයක් පිහිටුවා තිබෙනවා. සැබවින්ම මෙය කිලෝමීටර් එකයි දශම තුනක ( 1.3 Km ) ඇවිදින මං පෙතකින් ගමන් කළ යුතු විශාල එළිමහන් කෞතුකාගාරයක් විදියටයි සකස් කර  තිබෙන්නේ. වාහනය නවත්වලා ප්‍රධාන මධ්‍යස්ථානයේ ඇති කුඩා සිනමාහලෙන් කැනඩාවේ දැව කර්මාන්තයේ ඉතිහාසය ගැන කෙටි වාර්තා චිත්‍රපටයක් බලලා ඔබට ගමන පටන් ගන්නට පුළුවන්.





මුලින්ම එක්දහස් 1800 ගණන්වල දැව කර්මාන්තයේ යෙදුණු පිරිමි සේවකයින් නවාතැන් ගත්  කැම්බූස් කෑම්ප් ( Camboose Camp) එකක්  දකින්නට ලැබෙනවා. හිම මතින් ලී කොටන් ගෙන යන එක පහසු නිසා බොහෝ විට මේ කටයුතු කරලා තියෙන්නේ දැඩි ශීතලක් තිබෙන වසරේ ඔක්තෝබර් සිට මාර්තු කියන මාස වලයි. ඉතා දැඩි ශීතල කාලගුණය යටතේ අවම පහසුකම් තුළ ඔවුන් රාත්‍රිය ගත කර තිබෙන්නේ ලී කොටන් අහුරා තැනු ලී මඩුවලයි. Camboose  කියන වදනට සමාන Shanty  කියන වචනයත් ප්‍රංශ භාෂාවේ යෙදුම්.  තට්ටු ගැසූ ලී ඇඳවල් වටේටත් මැද  ගිනි උදුනක් සහිතවත් සකස් කර තිබුණු ඒ මඩුවල කෑම උයා තිබෙන්නේත් පිරිමි කෝකියෙක්. දහවල ඇඳි තෙත ඇඳුම් එල්ලෙන්නට දමා , බූට් සපත්තු වේලෙන්නට වටේට වනල , කතා ,සිංදු කියමින් පොඩියට මධුවිතක් තොලගාමින් ඔවුන් කෑම ගත්ත බවයි කියන්නේ. තනිකරම මිනිස් සහ අශ්ව ශ්‍රමයෙන් වැඩි වැඩ කොටසක් කෙරුණු ඒ කාර්ය වල දවසේ අධික මහන්සිය හින්ද ඔවුන් වැඩි වෙලාවක් නොගිහින් නින්දට වැටෙන්න ඇති.






ඊළඟට ඔබ යන්නෙත් දැව කොටන් අදින්නට සහ වෙනත් කටයුතු සදහා භාවිතා කළ අශ්වයෙන් රඳවා තැබුණු ස්ථාල  බලන්නටයි. අශ්ව ස්ථාලත් පෙලට ගොඩගැසූ විශාල ලී කොටන් වලින් තැනුණු මඩු තමයි. පොරෝ පහර වලින් බිම දමන ගස්  චෝක් කුරූ  වලින් සලකුණු කරන ප්‍රමාණවල කොටන් ලෙස කපා දමා තිබෙනවා .සමහර ඒවා පොතු ගසා හතරැස් කුට්ටි බවටත් පත් කෙරුණා. ඒ කොහොම වුනත් ඒ දැවවල  හිමිකාරිත්වය දරන සමාගමේ සලකුණක් ඒ දැවැන්ත  කොටන් මත සටහන් කරන්නට ඔවුන් විශේෂ මිටියක් යොදාගෙන තිබුනා.දැව කැපු තැන පටන් ජල මාර්ගයක් වෙත දැව ප්‍රවාහනය කෙරුණේ කොටන් කිහිපයක් එකතු කර තනාගන්නා Sleigh එකක් ශක්තිමත් අශ්වයෙන් දෙදෙනෙකු යොදවා අයිස් මතින් ඇදගෙන යාමෙන් . එසේ ඇඳීමෙන් පල්ලමේ ඇදගෙන යන කොටන් පොකුර අශ්වයන් මතට පෙරළීම වළක්වන්නට කඳු මුදුනේ සවිකර තිබුණු යකඩ කේබල් යෙදූ තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වුණා.





කාර්මික විප්ලවයේදී වැදගත් වුනු වාෂ්ප බෝට්ටු නිෂ්පාදනය කරන්නට කලින් ජල මාර්ග හරහා කොටන් ප්‍රවාහනයට පෙර ඒවා සකස්කිරීමට යොදා ගත්තේ අශ්වයින් දෙදෙනෙකු සෙක්කුව වටේ කැරකෙන ක්‍රමයට බලය උත්පාදනය කළ පාරුවක් ගොඩ ඇති විශාල ගසකට ගැටගසා සකසා ගත් උපක්‍රමයක්. පස්සේ ඇලිගේටර්  වාෂ්ප බෝට්ටු මේ වෙනුවෙන් යෙදවුනා. ඇල්ගොන්කුවින් දැව මධ්‍යස්ථානයේ ඔබ දකින විලියම් එම් (William M ) යාත්‍රාව ලෝකේ එහෙම සංරක්ෂණය වෙලා තියෙන යාත්‍රා තුනෙන් එකක්.




වතුරට ගෙන යන දැව කොටන් ජලයේ පා කිරීම පාලනය කරමින් කුඩා ඇලමාර්ග හරහා ගෙන යන්නට කුඩා වේල්ලක් වැනි  ඉදි කිරීමක් කර තිබුණා. එවැනි ආදර්ශකයක් ඔබට මෙතැනදී දකින්න පුළුවන්.



පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් විවිධ යන්ත්‍ර උපකරණ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් දැව කර්මාන්තයට එකතු වුනු හැටිත්, ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය එයට එකතු වුණු හැටිත් ඔබට දකින්නට මෙහි පහසුකම් සලසා තිබෙනවා.ඒ වගේම කර්මාන්තයේ යෙදුණු සේවකයින්ගේ නවාතැන් පවා ක්‍රමිකව දියුණුවට පත්වූණා.




ඒ වෙනස්කම් එක්ක ශීත කාලයට ඇදගෙන ගිහින් ජල මාර්ග හරහා වරායන් වෙත දැව ප්‍රවාහනය වෙනුවට වසර පුරාම දුම්රිය මගින් දැව ප්‍රවාහනය සිදුවුණා. මෙම ස්ථානයේ දී ඔබට දකින්නට ලැබෙන දුම්රිය  එන්ජිම 1911 දී මොන්ට්‍රියල් වල නිෂ්පාදනය වුනු  එකක්. Saddleback  නම් එය මුලින්ම දැව දහනයෙන් ක්‍රියාත්මක වුණු අතර පසුව ගල් අඟුරු දහනයෙන් ක්‍රියාත්මක වන ලෙස වෙනස් කල  බව කියවෙනවා.



පරිසර සංවිධාන විරුද්ධ වුවත් අදත් ඇල්ගොන්කුවීන් උද්‍යානයේ කොටසක අළුතින් වන වගාව කරමින් වාණිජමය දැව කර්මාන්තය සිදුවෙනවා. අතීතයට සාපේක්ෂව වර්තමානයේ  දැව අවශ්‍යතා අඩු වුණත් කැනඩාවේ සහ ඇමරිකාවේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලදී තවමත් දැව වලට විශාල ඉල්ලුමක් තිබෙනවා.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

10 comments:

  1. මේ දව අක්රමනත් ගැන ඉසේලම බැලුවේ අපේ කොලේජ් එකේ පුංචි තියටර් කියල සිනමා ශාලාවක් තිබුනා . ඒකෙන් .කැනේඩියානු එම්බසි එකෙන් ඒවා ඒවා . මම තවමත් ආසයි බලන්න . හැබයි ගස් කපන්නේ ඒ සඳහා වවපු ගස්ද වනාන්තර එව්ඩ් කියල පැහැදිලි නැහැ

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබ ඇසූ ප්‍රශ්ණයට උත්තරය මෙහෙමයි.
      Yes, a portion of Algonquin Park has designated areas for industrial logging, though logging practices aim to support forest diversity and are not typically clearcutting. Wood from Algonquin Park supplies industrial mills, and regulations prohibit damaging trees in the backcountry to preserve wilderness qualities.
      Logging in Algonquin
      Industrial Logging
      Approximately two-thirds of Algonquin Park is designated for industrial logging, a rare practice for parks in Canada.
      Forestry Management
      Logging operations aim to manage species like maple, white pine, and birch to support their growth and create diverse habitats, with less than 5% of harvesting being clearcutting.
      Economic Support
      The timber harvested helps support mills in nearby communities like Huntsville, Whitney, and Pembroke.
      Regulations and Protection
      Logging in Wilderness Areas
      While logging occurs in the park, areas designated for wilderness and backcountry recreation have strict regulations against damaging vegetation, including cutting trees.
      Focus on Old-Growth
      Some areas with old-growth trees are not protected from logging, leading to calls from conservation groups to end logging in Algonquin Park to preserve these significant trees.

      Delete
  2. Replies
    1. රොහාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  3. Replies
    1. https://manitobamuseum.ca/collections-research/manitoba-people/hbc-collection/

      Delete
  4. Canada's premier fur trade museum experience is at Fort William Historical Park in Thunder Bay, Ontario, a recreated 1816 fur trading post. Other museums with significant fur trade exhibits and information include The Fur Trade at Lachine National Historic Site in Montreal, the Canadian Museum of History in Gatineau, and the Glengarry, Nor'Westers & Loyalist Museum in Williamstown, Ontario.

    Major Sites
    Fort William Historical Park
    (Thunder Bay, ON): This recreated historical site offers an immersive experience into the early 19th century fur trade, showcasing the reconstructed 1816 fort and its operations.
    The Fur Trade at Lachine National Historic Site
    (Montreal, QC): This site explores the crucial role of the fur trade, featuring Amerindian trappers, French Canadian voyageurs, and European merchants.
    Museums with Key Exhibits

    Canadian Museum of History
    (Gatineau, QC): Through its "Beaver Tales" exhibition and other displays, this museum delves into the historical significance of the fur trade and the beaver's central role in Canadian history and fashion.

    Glengarry, Nor'Westers & Loyalist Museum
    (Williamstown, ON): This museum features the "Nor'Westers Exhibit," which explores the history of the North West Company, a rival of the Hudson's Bay Company.

    Glenbow Museum
    (Calgary, AB): While the museum has a broader focus, it includes information about the fur trade and its impact on the land and First Nations peoples in its collections.

    Musée McCord Stewart
    (Montreal, QC): This museum holds archival collections related to the fur trade, providing insights into the era.
    Canadian War Museum
    (Ottawa, ON): The museum's "Canada Hall" includes information about the fur trade as part of Canada's history.

    ReplyDelete
  5. https://parks.canada.ca/lhn-nhs/qc/lachine .The Fur Trade at Lachine National Historic Site

    ReplyDelete