මගේ කවි පද ඇහෙනවද
ගලහ හංදිය පෙනෙනවද
තනිය මැකු අත හොයනවද
හිතේ සතුටින් ඉන්නවද
උණ පදුර යට බංකුවේ
අපේ මතකයි හැංගුවේ
ප්රස්ථාර, වගු ඇති පොත් ගුලේ
පෙම් කවිත් ඇවිදින් යතේ
මහවැලිය තාමත් ගලනවා
රයින් ගඟ මට පෙනෙනවා
ඔබ කොහිද මම හොයනවා
මගෙ හිතම දුර දුවනවා
අනුරුද්ධ වැලිගමගේ
2025 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
රයින් ගඟ තුළින් මහවැලිය දැකීම හොඳ අදහසක්!
ReplyDeleteලිට් සීකර් ඔබේ ප්රතිචාරයට ස්තූතියි
Deleteලස්සන කවි ටික.👌💐
ReplyDeleteබසු මහත්තයා ඔබේ ප්රතිචාරයට ස්තූතියි
Deleteරයින් ගඟේ හිරවුණු පෙම්වතෙක් . අපි මඟුල් ගෙදරක ගිය වෙලේ ඉවුරක ඉඳන් ගෙම්බෝ පෙති යැව්වා
ReplyDeleteඅජිත් ඔබේ ප්රතිචාරයට ස්තූතියි
Delete