මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 6, 2025

ඔබ කොහිද මම හොයනවා

 


මගේ කවි පද ඇහෙනවද 
ගලහ හංදිය පෙනෙනවද 
තනිය මැකු අත හොයනවද 
හිතේ සතුටින් ඉන්නවද 

උණ පදුර යට බංකුවේ 
අපේ මතකයි හැංගුවේ 
ප්‍රස්ථාර, වගු ඇති පොත් ගුලේ 
පෙම් කවිත් ඇවිදින් යතේ 

මහවැලිය තාමත් ගලනවා 
රයින් ගඟ  මට පෙනෙනවා 
ඔබ කොහිද මම හොයනවා 
මගෙ හිතම දුර දුවනවා 

අනුරුද්ධ වැලිගමගේ 


2025 සැප්තැම්බර්   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.










විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

















මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි. 

6 comments:

  1. රයින් ගඟ තුළින් මහවැලිය දැකීම හොඳ අදහසක්!

    ReplyDelete
    Replies
    1. ලිට් සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  2. ලස්සන කවි ටික.👌💐

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  3. රයින් ගඟේ හිරවුණු පෙම්වතෙක් . අපි මඟුල් ගෙදරක ගිය වෙලේ ඉවුරක ඉඳන් ගෙම්බෝ පෙති යැව්වා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete